ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ප‍්‍රජාව කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ධීවර ආම්පන්න ප්‍රදානයක්

    මාර්තු 18, 2015
    පසුගිය රජය කාලයේ ආරම්භ කළ පොදු සංවර්ධන කටයුතු හා ව්‍යාපෘතීන් ජනතාවට වඩා හොඳ සේවාවක් ලැබෙන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ධීවර ප‍්‍රජාවගේ ඉල්ලීම පරිදි සියලු දෙනා සඳහා ධීවර ආම්පන්න ලබාදෙන බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කළේ පෙරේදා (16) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වැකුණුගොඩ පිහිටි ගාල්ල දිස්ත‍්‍රික් කාර්යාලයේ ධීවර ආම්පන්න බෙදාදීමේ උත්සවයේ දී ය.
     
    2012 වසරේ ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස ධීවර ප‍්‍රජාව කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක් වූ පසුගිය රජය එම සහනාධාරය වෙනුවට විකල්ප සහනාධාරයක් වශයෙන් ලියාපදිංචි එක්අයෙකුට රුපියල් එක්ලක්ෂ පහලොස්දහසක් වටිනා ධීවර උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළට අනුව ගාල්ල දිස්ත‍්‍රික්කයේ ධීවර කර්මාන්තයේ නියුතු 47 දෙනෙකුට රුපියල් ලක්ෂ 54ක් වටිනා පණිවිඩ හුවමාරු යන්ත‍්‍ර, තාක්ෂණ උපකරණ, ජැකට්, දැල් ආදී ධීවර ආම්පන්න මෙහිදී බෙදා දුන්නේය.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය රජය විසින් ආරම්භ කළ මෙම ක‍්‍රියාව අපි අද ඉදිරියට ගෙනියනවා. මේ බෙදාදීමට ධීවර ප‍්‍රජාව එකඟ වී ඇති නිසා එම ජනතාව කැමති ඔවුන්ට සහනයක් වන කටයුතු නතර කිරීමට වත්මන් රජය කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම පසුගිය රජය කාලයේ ආරම්භ කළ සමහර ව්‍යාපෘති පසු විපරමකින් අනතුරුව ආරම්භ කළයුතු වෙනවා. වැය වන මුදලට වඩා අසීමිත මුදලක් ඇතුළත් කළ ව්‍යාපෘති තියෙනවා. සමහර ව්‍යාපෘති නාමපුවරුවට පමණක් සීමා වී මුදල් වෙන්කිරීමක් හෝ ඇස්තමේන්තු සෑදීමක් සිදුකර නැහැ. ජනතාව රැවටීමට වැඩ ආරම්භ කළ බව පමණක් පෙන්වා තියෙනවා.
     
    මේ සියලු කටයුතු වර්තමාන රජය සොයා බලා නිවැරදි දැක්මකින් යුතුව පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන පරිදි සංවර්ධන කටයුතු සිදුකරන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya