ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුඩා තේ වතු හිමියන්ට පාංශු සංරක්ෂණය සඳහා ආධාර

    මාර්තු 18, 2015

    කුඩා තේ වතුවල පාංශු සංරක්ෂණය වෙනුවෙන් ආධාර ලබාදෙන මේ වැඩපිළිවෙළ පිළිබඳ ව අද අපට කිසිදු වගකීමක් නැති වුණත් මේවායේ ඇති යම් යම් අඩුපාඩු ඇත්නම් රජයක් හැටියට කුඩා තේ වතු හිමියන්ගේ සමිති හරහා ඒවා නිවැරදි කිරීමට හැකියාව ඇති බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වසර 15ක් පුරා විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් වශයෙන් එදා මම පාර්ලිමේන්තුවේදී කුඩා තේ වතු හිමියන්ගේ ගැටලු පිළිබඳ ව කතා කළා. ඒ සියලු දේ හැන්සාඩ් ගත වී තියෙනවා. එදා මම පාර්ලිමේන්තුවේදී කතා කළේ ඔබ, තමුන්නාන්සේලාට ලැබිය යුතු දේවල් ලබා දීම අරමුණුකොටයි. මම කිසිමදාක ජනතාවට බෙදා දෙන දේවල් නවත්වන ඇමතිවරයෙක් නොවෙයි.

     

    රත්නපුර, කෑගල්ල හැරුණු විට ගාල්ල දිස්ත‍්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ප‍්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීම වෙනුවෙන් මේ වන විට ගාලු දිස්ත‍්‍රික්කයේ ස්ථාන 80කින් කිසිම දැනුම් දීමකින් තොරව ලබා ගත් පොහොර සාම්පල් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ප‍්‍රමිතියෙන් යුතු පොහොර කුඩා තේ වතු හිමියන්ට ලබා දීම එහි අරමුණ බවත් ඇමතිවරයා පැහැදිලි කළේය.

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ පනංගල, කෝරළේගම සහ ගල්අන්දල ප‍්‍රදේශයන් හි කුඩා තේවතු සංගම් සාමාජික සාමාජිකාවන්ට පාංශු සංරක්ෂණය වෙනුවෙන් ආධාර බෙදාදීමේ උත්සව සඳහා පසුගියදා සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    කුඩා තේ වතු හිමියන් 400 දෙනෙකුට පමණ ඇමතිවරයා අතින් ආධාර ලබා දීම මෙහිදී සිදු කෙරුණි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya