ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාර ගනී

    මාර්තු 18, 2015

    රාජ්‍ය නිලධාරින්ට තනතුරු නාම හා පහසුකම් ලබා දෙන්නේ මහජනයාගේ දුක නිවා ඔවුන්ට සේවය කිරීමට බව මාතලේ දිස්ත්‍රික්කයේ වැඩ භාර ගනිමින් මාතලේ නව දිසාපති/දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කළේය. කදුළු සලමින් පැමිණෙන සේවා දායකයාගේ මුවග සිනාවක් රදවා යවන්නට හැකි නම් එය ඉතා වැදගත් බවත් සෑම විටම රාජ්‍ය නිලධාරින් මහජනයාට උදව් කිරීමට සැදී පැහැදී සිටිය යුතු බවත් නව දිසාපතිවරයා පැවසීය.

    නිලධාරින්ගේ සේවා කාලයට වඩා වැදගත් වන්නේ ඔවුන් මහජනතාව වෙනුවෙන් අලුතින් හිතා බලා නිර්මාණශීලීව ඉටුකරන කටයුතු බවත් ඒ සදහා නිලධාරින් දැනුමින් පිරිපුන් පුද්ගලයන් විය යුතු බවද හෙතෙම සදහන් කළේය.

     

    තමා සතු දැනුම බුද්ධිය , කුසලතා මහජනයා සහ ආයතනයේ දියුණුවට යෙදවිය යුතු බව පැවසූ දිසාපතිවරයා රජය වියදම් කරන මුදලින් යහපත් ප්‍රතිඵල ලැබිය යුතු බවත් එහි ප්‍රතිලාභ සියළු දෙනාටම අත්පත් විය යුතු බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya