ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යුද හමුදාපතිතුමාගේ පළමු කිලිනොච්චි සංචාරයේදී ප්‍රජා ව්‍යාපෘතීන් රැසකට සහභාගී විය

    මාර්තු 22, 2015
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සිය ධූරයෙහි රාජකාරී ඇරඹීමෙන් පසු පසුගියදා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සිදු කළේය.
     
    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් මෙහිදී යුද හමුදාපතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියසදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා වෙත සම්මාන මුරයක් ද, අනතුරුව 9 වන ඉංජිනේරු සේවා බලකා සෙබළුන් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිමන ලදී.   
     
    මෙහිදී අදහස් දැක්වූ යුද හමුදාපතිතුමා, යුද හමුදා සාමාජිකයන්ගේ විනය ඉතා උසස් මට්ටමින් පවත්වාගත යුතු බවත් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිබඳව කැපවී කටයුතු කළ යුතු බවත් ඉස්මතු කළ අතර සිවිල් වැසියන් හා එක්ව අන්‍යොන්‍ය සහජීවනයෙන් යුතු ව කටයුතු කළ යුතු බව ද තවදුරටත් අවධාරණය කළේය.
     
    යුද හමුදාපතිතුමාගේ මෙම සංචාරය සිහිගන්වමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
     
    එදින ම දමිළ ආධුනික සෙබළ සෙබළියන්ගෙන් සැදුම්ලත් ‘සත් රංග’ හින්දු සංස්කෘතික කණ්ඩායම විසින් යුද හමුදාපතිතුමා වෙත සංස්කෘතික සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.
     
    නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් සඳහා මහන මැෂින් 100ක්, කිලිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් සිසුන් වෙත පා පැදි 18 ක් සහ පාසල් උපකරණ ද යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෙදා දුන්නේය.
     
    57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් නවතමයෙන් ඉදිකල මාන්කුලම් අත්පන්දු ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව, 3 වන ගජබා රෙජිමේන්තු සෙබළුන් සහ  9 වන විජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් ප්‍රදර්ශනාත්මක අත්පන්දු තරගයක් එම ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත් වූ අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් බළඇණි අත්පන්දු තරගාවලිය ද මෙම ස්ථානයේම පැවැත්විණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya