ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික රෝහල ‘රෝහල් චතුරස්‍රයක්‘බවට පත් කරනවා- අමාත්‍ය රාජිත සේනාරත්න

    මාර්තු 21, 2015
    ජාතික රෝහල ‘රෝහල් චතුරස්‍රයක්‘ බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවත් සෞඛ්‍ය සේවාව සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර තිබෙන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ශ්‍රී ලංකා ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උළෙල  ඊයේ  (20) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
     
    මේ යටතේ රාත්‍රී කාලයේ ලේ පරීක්ෂා කිරීමේ ස්වයං ක්‍රිය පරීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීම, චර්ම රෝග සඳහා වන යන්ත්‍ර ස්ථාපිත කිරීම යනාදී වැඩසටහන් රැසක් සිදු කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    සෞඛ්‍ය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් මෙතෙක් පැවති 1.8% වෙනුවට එය 3% ක් දක්වා වැඩි කරන බවත් පසුගිය අතුරු අයවැයෙන් එය 2%ක් දක්වා වැඩි කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක දශමයක් වැඩිවීම තුළිය රුපියල් බිලියනක පමණ මුදලක් වැඩි වන බවයි. ඉදිරියේදී පවතින අඩුපාඩු සම්පූර්ණ කර ලෝකයේ නවීන තාක්ෂණය හා ප්‍රතිකාර සියල්ල එකම වහලක් යටට ගෙනෙන බවත් වත්මන් ජනාධිපතිතුමාගේ කාලය තුළ ඉතා දියුණු මට්ටමට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙන ඒමට හැකි වන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    භූමිය අක්කර 32ක ජාතික රෝහල පිහිටා ඇති අතර 1864 දී මෙම රෝහල ආරම්භ කර තිබේ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya