ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (කර්මාන්ත), එච්.ජේ.එම්. නිහාල් පාලිත මහතා සභාපතිත්වය දරන කමිටුවට නාරා ආයතනය නියෝජනය කරමින් විශේෂඥයින් දෙදෙනෙකු ද ඇතුලත් කර තිබේ.
නීතියෙන් තහනම් කර නැති, එහෙත් සීමිත බලපත්‍ර ප්‍රමාණයක් මගින් විශේෂ අවසරයක් මත ක්‍රියාත්මක වන ලයිලා සහ සුරුක්කු වැනි දැල් මගින් මත්ස්‍ය සම්පත විනාශ වන බවට කල්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයක ධීවරයෝ චෝදනා කරමින් සිටිති. ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂාවකට කමිටුව ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.
එසේම ධීවර ප්‍රජාවගේ සමාජ සහ ආර්ථික ගැටලු නිරාකරණය, ශ්‍රී ලංකාවට ගැළපෙන ප්‍රශස්ත ධීවර කළමණාකරන ක්‍රමවේදයන්, එක් එක් ප්‍රදේශවලට අදාළ ධීවර ගැටලුවලට ලබා දිය හැකි විසඳුම් ඇතුලු ක්ෂේත්‍ර ද කමිටුවේ අවධානයට ලක් කිරීමට නියමිතය.
පුරා මාසයක් මෙහි තොරතුරු රැස් කිරීම සිදු කෙරෙන අතර අනතුරුව කඩිනමින් නිර්දේශ ඉදිරිපත් කරන්නැයි අමාත්‍යවරයා කමිටුවට දන්වා තිබේ. ධීවර ක්ෂේත්‍රයන් වෙත ගොස් ධීවරයින්ගෙන් ගැටලු පිලිබඳ තොරතුරු ඒකාරාශී කිරීම මෙන්ම ධිවරයින්ගෙන් ලිඛිතව යෝජනා සහ චෝදනා කැඳවීමට නියමිතය.
තොරතුරු ලබා ගැනීමේ දී ධීවර ප්‍රජාවට පමණක් සීමා නොවන්නැයි අමාත්‍යතුමන් කමිටුවට දන්වා ඇත. ගැටලුකාරී තත්ත්වයන් පිලිබඳ ඒ ඒ ප්‍රදේශවල ආගමික නායකයින්ගෙන් මෙන්ම ප්‍රජා නියෝජිතයින් හා ධීවර නිලධාරීන් ද හමු වී සාකච්ඡා කළ යුතුය.
ඒ අනුව මාර්තු 23 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා ධීවර දිස්ත්‍රික් 14 කදී මෙම පාර්ශව හමු වී සාකච්ඡා කිරීමට කමිටුව අපේක්ෂා කරයි. එසේම ලිඛිතව සිය යෝජනා සහ අදහස් දන්වන්නේ නම් අධ්‍යක්ෂ (කර්මාන්ත), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නව මහලේකම් කාර්යාලය, මාලිගාවත්ත, කොළඹ 10 යන ලිපිනයට යොමු කළ හැක.
අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ සාමාජිකයින් පහත පරිදි වෙයි.
01. එච්.ජේ.එම්.නිහාල් පාලිත මහතා- අධ්‍යක්ෂ (කර්මාන්ත) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව - (සභාපති)
02. ඒ.එච්.එස්.එදිරිවීර මහත්මිය - නියෝජ්‍ය අධ්‍යක්ෂ (සමාජ ආර්ථීක) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව - (සාමාජික)
03. ආචාර්ය රේඛා මල්දෙණිය මිය- ප්‍රධාන විද්‍යාඥ, අංශ ප්‍රධාන, සමුද්‍ර ජීව විද්‍යා කළමනාකරණ අංශය,
නාරා ආයතනය. - (සාමාජික)
04. එන්.බී.පී.පුන්‍යෙදේව මහතා - ජ්‍යේෂ්ඨ විද්‍යාඥ, අංශ ප්‍රධානී, ධීවර තාක්ෂණික අංශය, නාරා ආයතනය. - (සාමාජික)
05. එච්.ඩී.රෝහිත ඇන්ස්ලම් මහතා - සහකාර අධ්‍යක්ෂ,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව - (සාමාජික)
06. ඩබ්.ඒ.ආර්.සේනාරත්න මහතා- ප්‍රාදේශීය ධීවර පරීක්ෂක, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව - (සාමාජික)
kpm