ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය මල් වගාකරුවන් නංවාලීමේ වැඩසටහනක්

    මාර්තු 23, 2015
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන් මේ වන විට 5,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ මල් වගා කටයුතු සහ මල් සැකසුම් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ විශේෂ වැඩසටහනක් අද (23) සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය බඹරකැලේ ප්‍රදේශයේ දී පැවැත්විණි.
     
    පසුගිය වර්ෂයේ නුවරඑළිය මල් සහ ව්‍යවසායකයන්ගේ සමුපකාර සමිතිය වෙනුවෙන් ඉදිකෙරුණු අළෙවි මධ්‍යස්ථානය අද මෙම අවස්ථාවේ දී අමාත්‍යවරයා අතින් විවෘත විය.
     
    නවීන් දිසානායක මහතා පසුගිය ආණ්ඩු  සමයේ මේ සඳහා මිලියන 20ක ප්‍රතිපාදන යෙද වූ අතර මිලියන 80ක මුදලක් මේ වන විට මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා වෙන් කොට තිබේ. ශ්‍රි ලංකා මහ බැංකුවේ සම්බන්ධීකරණ දායකත්වය මේ සඳහා හිමි ව ඇත. ඉදිරි මාස කිහිපය තුළ ඉදිකිරීමට යෝජිත විශේෂ ප්‍රදර්ශන හා අළෙවි මධ්‍යස්ථානයේ මුලික සැලසුම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.
     
    මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya