ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ අධ්‍යාපනය නැංවීමට සාකච්ඡා

    මාර්තු 29, 2015
    උතුරු පළාතේ අධ්‍යාපන ඉහළ නැංවීම පිළිබඳ ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුහල්පතිවරු අතර සාකච්ඡාවක් ඊයේ (28) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
     
    යුදමය කාල සීමාව තුළ කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු ඉතා පහළ මට්ටමක පැවති බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා එම දිස්ත්‍රික්කවල අධ්‍යාපනය ඉහළ නැංවීමට විදුහල්පතිවරුන් වෙත උපදෙස් ද ලබා දී ඇත.
     
    මීට අමතර ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඩෙල්ෆ් දූපතේ සංචාරයක ද නිරත විය. මෙහිදී ඩෙල්ෆ් දූපතේ ගර්භනී මව්වරුන් වෙත රුපියල් 20,000ක් වටිනා පෝෂණ මළු බෙදාදීමේ අවස්ථාවකට ද එක්විය.
     
    ඉන් අනතුරුව නාගදීප විහාරය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් හි ද නිරත විය.
     
    පෙරේදා (27) දා සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ සංචාරයක නිරත වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya