ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "ව්‍යවසාය - 2015" අලෙවි ප‍්‍රදර්ශණය සාර්ථකව

    මාර්තු 31, 2015
    තරුණ කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන "ව්‍යවසාය - 2015" අලෙවි හා අධ්‍යාපනික ප‍්‍රදර්ශණය  පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි.
     
    ශ‍්‍රී ලංකාවේ දසත විසිරී පැතිරී සිටින අංකුර ව්‍යවසායකන්ගේ නිෂ්පාදන, නිර්මාණාත්මක කුසලතා හා හැකියාවන් දිවයිනේ විශාලත ම සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානය වන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය  වෙත ගෙන එමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම මෙම අලෙවි ප‍්‍රදර්ශණයේ ප‍්‍රධානත ම අරමුණ වේ. 
     
    ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කිරීම තුළින් දේශීය ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැංවීම අරමුණු කරගෙන, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 1981 වර්ෂයේ දී එවකට යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව, යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යංශය යටතේ පිහිටුවන ලදී. වර්තමානයේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ වෙනම අංශයක් ලෙස කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ක‍්‍රියාත්මක වන අතර, මේ වන විට උතුරු නැගෙනහිර පළාත් ද ඇතුළත් ව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල තුළ කාර්යාල කටයුතු පවත්වාගෙන යමින් ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාළ සේවාවන් අඛණ්ඩ ව ලබාදීම සිදුකරනු ලබයි.
     
    තරුණ කටයුතු අමාත්‍ය, නිරෝෂන් පෙරේරා මහාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ, සුධීර ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම අලෙවි ප‍්‍රදර්ශණය සංවිධානය කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya