ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    'ගැබිනි මවට උත්තම පූජාව' කෑගල්ලේ මවුවරුන් 10,198 කට

    මාර්තු 31, 2015

    ගර්භණි මව්වරුන්ට රුපියල් විසිදහසක පෝෂණ මල්ලක් ලබා දිමේ ජාතික වැඩසටහනට සමගාමීව පළමු අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මවුවරුන් 10,198 ක් හඳුනාගෙන අදාළ කූපන් පත්‍ර ලබා දී ඇතැයි කෑගල්ල දිසාපති එච්. එම්. ගාමිණි ‍සෙනෙවිරත්න මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ව්‍යාපෘතිය පිළිබදව අද ( 31 ) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකදීය.

     

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ මාස 4 වඩා වැඩි ගැබිනි මව්වරුන් 6091 ක්ද මාස 4 දක්වා කිරි දෙන මව්වරු 4107 ක්ද වශයෙන් 10198 ක් තෝරා ගෙන ඇත.

     

    අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 817 ක් ද, මාවනැල්ල 1604ක් ද, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 974 ක් ද දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 602 ක් ද වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මව්වරුන් 1281 ක් ද රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 947 ක් ද බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මව්වරුන් 584 ක් ද, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 796 ක් ප්‍රමාණයක් ද, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මව්වරුන් 722 ක් ද, ගලිගමුව කොට්ඨාසයෙන් 809 ක හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මව්වරු 1063 ක් වශයෙන් මව්වරු 10198 ක ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

     

    මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, ප්‍රාදේශිය ලේකම්වරු හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


    MAP/dmu_kegalle

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya