ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය වසන්ත සැනකෙළිය උත්කර්ෂවත් ලෙස ඇරඹේ

    අප්‍රේල් 01, 2015

    නුවරඑළිය වසන්ත උළෙල අද දින අති උත්කර්ෂවත් ලෙස නුවරඑළිය නගර මාධ්‍යයේ දී ආරම්භ විය. වාර්ෂිකව මෙම සැනකෙළි මාසය අප්‍රේල් මස 01වැනි දිනට ආරම්භ වන අතර මෙහි සංවිධාන කටයුතු නුවරඑළිය මහනගර සභාව විසින් සිදු කරනු ලබයි.

    1888 වර්ෂයේ උද්‍යාන ප්‍රදර්ශනයකින් ආරම්භ කෙරුණු මෙම වසන්ත සැනකෙලිය වඩාත් විධිමත්ව 1988 වර්ෂයේ සිට මේ වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

     

    නුවරඑළිය පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ මෙහෙය වීම මත මෙවරත් මෙම නාගරික ප්‍රදර්ශන උළෙල ආරම්භ කෙරිණි.

     

    නුවරඑළියට පමණක් ආවේණික වූ තුරඟ තරඟ, විශේෂ මල් ප්‍රදර්ශනය සහ යතුරුපැදි තරඟාවලි රැසක් මෙවරත් වසන්ත උළෙල වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම නුවරඑළිය වසන්ත සැනකෙළිය දෙස් විදෙස් සංචාරක බොහෝ දෙනෙකුගේ අවධානයට ප්‍රාත්‍ර වූවක් වන අතර මෙම අප්‍රේල් මාසය තුළ සංචාරකයන් බොහෝ පිරිසක් නගරය තුළ දැක ගත හැකි වීම සුලභ දසුනකි.

     

    අද දින පැවති සමාරම්භක උළෙල සඳහා දේශපාලන නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම්තුමිය ප්‍රමුඛ රජයේ නිලධාරීන් සහ පාසල් රැසක දුවා දරුවන් තූර්ය වාදන කාණ්ඩයන්ගෙන් සැදුම්ලත්ව සහභාගී වී සිටිය හ.

    MAP/SH_dmu_n'eliya

     

    neliya vasantha udana3

     

     

    neliya vasantha udana 2

    neliya vasantha udana 3

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya