ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාධ්‍ය වෘත්තිය උතුම් වෘත්තියක්. ප්‍රාදේශිය මාධ්‍යවේදියා තම වෘත්තියේ ගරුත්වය ලැබෙන පරිදි ස්වාධීනව කටයුතු කල යුතුයි - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    අප්‍රේල් 01, 2015

    මාධ්‍ය වෘත්තිය උතුම් වෘත්තියක්. ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ යුතුකම වන්නේ මාධ්‍ය වෘත්තියේ ගරුත්වය තමාටත් ගරුත්වයක් ලැබෙන පරිදි වෙනත් අයෙකුගේ ගැත්තෙක් නොවී ස්වාධීනව කටයුතු කිරිම, යයි ජනමාධ්‍ය හා පාර්ලීමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 29 දා රත්නපුරේදි පැවසීය.

    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තොරතුරු දැන ගැනිමේ පනත පිළිබඳව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සදහා දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන ප්‍රාදේශිය සම්මන්ත්‍රණ මාලාවේ රත්නපුර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමිනි.

     

    මෙම අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවාහන ගරු නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මැතිතුමාද සහාභාගී විය.

     

    ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, අතිරේක ලේකම් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.ටි.එන්.අමරතුංග, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක, ස්වාධීන රූපවාහිනියේ සභාපති මහාචාර්ය ගංගානාත් දිසානායක, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි හා ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලාල් හේමන්ත මහතාද සම්මන්ත්‍රණ මාලාවේදී කතා පැවැත්වූහ.

    MAP/dmu_ratnapura

     

    media- rathnapura 02

    media- rathnapura 03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya