ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර නගරය පිරිසිදු නගරයක් වශයෙන් සංවර්ධනය කළ යුතුයි

    අප්‍රේල් 03, 2015
    ඓතිහාසික වටිනාකමින් යුක්ත අපේ සංස්කෘතික උරුමයන්වලින් පිරුණු බෞද්ධ පුරවරයක් වන අනුරාධපුර නගරය සංචාරක ආකර්ශණය දිනාගත් භූමියක් වන බැවින් දෙස් විදෙස් ප‍්‍රභූන් මේ නගරයට පැමිණෙන නිසා පිරිසිදු නගරයක් වශයෙන් අනුරාධපුරය සංවර්ධනය කළ යුතු බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා පැවසීය.
     
    ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, පසුගියදා උතුරු මැද පළාත් සභා ශ‍්‍රවනාගාරයේ පැවති අනුරාධපුර නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඣාවට එක්වෙමිනි.
     
    දැනට අනුරාධපුර නගරයේ ඉදිකර ඇති ඉවත් කළ යුතු ම වූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අනුරාධපුර සතිපොළ නවීකරණය කිරීම හා පොළ භූමියේ ඉදිවන මාළු වෙළෙඳපොළේ ඉදිකිරීම් කඩිනම් කිරීම, නගරයට බලපාන ගංවතුර තර්ජනය අවම කිරීමට කූබිච්චන් කුලම වැවේ වැඩි වතුර කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සොරොව්වක් ඉදිකිරීම, යෝජිත රංග ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම ආදි කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
     
    යෝජිත ව්‍යාපෘති සඳහා 2016 වසරට සැලසුම් සකස් කර අවශ්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් දන්වන ලෙස ද ප‍්‍රධාන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.
     
    කඩ පනහ, කූබිච්චන් කුලම ආදී නගරයට අයත් වන වැව්වල සීමා නිර්ණය කිරීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග ඉඩම් හා ග‍්‍රාම සංවර්ධන පළාත් අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම අනුව ඉදිරි කටයුතු කිරීමටද එහි දී තීරණය විය.
     
    මෙම සාකච්ඡාවට නගරාධිපති එච්.පී. සෝමදාස, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නාගරික කොමසාරිස් රෝහණ ධර්මදාස මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya