ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ‘One stop shop’ මංගල වැඩසටහන කෑගල්ලෙන් ඇරඹේ

    අප්‍රේල් 03, 2015
    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ අදහස් පළකරනු ලැබුයේ කර්මාන්ත හා වානිජ අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ එක් දින උපදේශන වැඩමුළුව අමතමින්ය. ‘One stop shop’ නමින් මෙම එක් දින උපදේශන වැඩමුළුවව සංවිධානය කර තිබිණි. 
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නියැලි ව්‍යවසායකයන්ගේ ගැටලු විසඳීමේ අරමුණින් ක්‍රියාත්මක උපදේශන වැඩමුළු මාලාවේ මංගල වැඩසටහන කෑගල්ලෙන් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක්. මෙවැනි වැඩමුළු තුළින් කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමටත් උපදෙස් ලබාදීමටත් නිෂ්පාදන අලෙවි කිරීමටත් අවශ්‍ය පහසුකම් සලසා දිය හැකියි. මෙම වැඩසටහනට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 39ක් අද දින සහභාගී වන බවත් එතුළින් මූල්‍ය ගැටලු, යටිතල පහසුකම් ගැටලු, නීතිමය ගැටලුවලට අවශ්‍ය පිළිතුරු ලබා ගත හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, කෑගල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
     
     
    NDH/dmu-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya