කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සහ පශ්චාත්හ් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සිසු සිසුවියන් විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබේ.
මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් 0712622282 -මාධවී මෙනවිය, 0778078273 - බුද්ධික මහතා, 0777935559 - ප්‍රගීත් මහතා ඇමතීමෙන් සහභාගීත්වය තහවුරු කර ගත හැකි බව සංවිධායක කමිටුව දන්වා සිටියි.
මෙයට සමගාමීව සංචාරක ක්ෂේත්‍රයේ මානව සම්පත සංවර්ධනය කිරීම හා සම්බන්ධ වෙබ් අඩවියක් ද එදිනට අන්තර්ජාලයට මුදා හැරීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන වැඩසටහනේ සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

‘’ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය උදෙසා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ හා සංවිධානවල වත්මන් කාර්යභාරය'' මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් මස05 දින පෙ.ව. 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

















