චිත්‍රපට ප්‍රදර්ශනය ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සිනමාශාලාවේදී අප්‍රේල් මස 04 අද සහ හෙට (05) පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනයට සමගාමීව ''යථාර්තය පැන්ටසියක් ද?'' මැයෙන් සිනමා කතිකාවක් ද පැවැත්වෙයි.විචාරක දීප්ති කුමාර ගුණරත්න,විචාරක සමන් වික්‍රම ආරච්චි යන මහත්වරු විසින් සිනමා කතිකාවේ දේශන පවත්වති.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වන උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජන්ම දිනය අප්‍රේල් 05 දිනය යෙදේ.

















