ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ ඵලදායීතා වැඩසටහනක්

    අප්‍රේල් 07, 2015

    2015 වර්ෂයේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායීතා අංශය මගින් සංවිධානය කරන ලද පෙර පාසල් පාලිකාවන් සඳහා එස් 5 සංකල්පය හා හරිත ඵලදායිතාවය පිළිබද දැනුම්වත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මාතලේ ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

    මාතලේ දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වඩා ප්‍රශස්ථ මට්මමින් පවත්වා ගෙන යාමට ඵලදායිතාවය කෙසේ භාවිතා කළ යුතුද යන්න සහ පරිසරය ගුණාත්මක භාවයෙන් පවත්වා ගෙන යාමට හරිත ඵලදායිතාවය කෙසේ භාවිතා කළ හැකිද යන්න පිළිබද දැනුම්වත් කිරිම මෙහිදී සිදු කරන ලදි.

    මෙහි ප්‍රධාන දේශනය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා අංශයේ සනත් ප්‍රේමලාල් මහතා විසින් සිදු කළ අතර මේ සදහා දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් 125 ක් පමණ සහභාගි විය.

    MAP/dmu_matale

    matale 5s 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya