අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මීට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රීක්කවල නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි ඇති විය හැකිය. සමහර තැන්වලට මි.මී 100 ට වඩා වන තද වැසිද අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (08), දහවල් 12.12 ට පමුණුගම, දොලොස්බාගේ , පදියපැලැල්ල සහ කොටගොඩ යන නගර වලට හිරු මුදුන්ව පවතී.

පහළ වායුගෝලයේ ඇතිවී තිබෙන කැළඹිලි සහගත තත්ත්වයන් නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

















