ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සමාජ ඒකාබද්ධතා අංශය සංවිධානය කරන අලුත් අවුරුදු උත්සවය මහනුවර දී

    අප්‍රේල් 08, 2015

    සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබද අමාත්‍යාංශයේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික අලුත් අවුරුදු වැඩසටහන, මෙවර මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙවර උත්සවය අප්‍රේල් මස 21 වන දින මහනුවර උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

     

    ජාතික භාෂා හා සමාජ ඒකබද්ධතා අංශය සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මීට පෙර කිලිනොච්චිය, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි දී පවත්වා ඇත.

     

    උත්සවය පැවැත්වීමේ අරමුණ වන්නේ ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමයි. මෙවර උත්සවය රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    SDF/TKA_dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya