ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉලෙක්ට්‍රොනිකව ව්‍යාපාර නාම ලියාපදිංචියට මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට උපකරණ

    අප්‍රේල් 08, 2015

    මාතර දිස්ත‍්‍රික්කයේ ව්‍යාපාර නාම ඉලෙක්ට්‍රොනිකව සිදු කිරීම සඳහා අවශ්‍ය පරිගණක ඇතුළු උපකරණ බෙදා දීම හා අදාළ පරිගණක මෘදුකාංගය පිළිබඳව ප‍්‍රාදේශිය ලේකම්වරුන් දැනුම්වත් කිරීම දකුණු පළාත් සභා අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

     

    දකුණු පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචිය ඉලෙක්ට්‍රොනිකව සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ වන විට දකුණු පළාත් සභාව මගින් කි‍්‍රයාත්මක කරමින් පවතින අතර ඒ අනුව මෙම උපකරණ කට්ටල ලබා දීම සිදු කෙරිණි.

     

    මේ වසරේ මැයි මස 08 වන දින මෙම වැඩපිළිවෙල නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත ය.

     

    ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේ දී දැනට පවතින ක‍්‍රමවේදය අනුව අදාළ ව්‍යාපාරිකයා අවස්ථා ගණනාවක දී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිය යුතු යුතු ය. එසේ ම ව්‍යාජ ලෙස ව්‍යාපාර නාම ලියාපදිංචිය ද සිදු වේ. එහෙත් මෙම නව ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදය මගින් එම තත්ත්වයන් විශාල වශයෙන් අවම කෙරේ.

     

    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය සහ මාතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් නියෝජනය කරමින් අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya