අපරභාගයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින අතර එය හෙට සිට අඩු වනු ඇත. අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. .
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කල්ලාර්, මහවැව, කුලියාපිටිය, මාතලේ සහ ගිරාඳුරුකෝට්ටේ යන නගරවලට අද (09), දහවල් 12.12ට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

















