ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යාපනය ශාන්ත හෙන්රි විද්‍යාලයේ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කෙරේ

    අප්‍රේල් 09, 2015
    යාපනය ඉලවලයි හි පිහිටි ශාන්ත හෙන්රි විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද දේවස්ථානය නැවත විවෘත කිරීමේ චාම් උත්සවය යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින සිදු විය.
     
    පාවිච්චියට නුසුදුසු මට්ටමේ පැවති මෙම පාසල් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස පාසල් පරිපාලක විසින් යුද හමුදාවෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 513 වැනි බල සේනාවට අයත් 14 වැනි ගැමුණු හේවා බල ඇණිය විසින් ඒ වෙනුවෙන් අවශ්‍ය ශ්‍රම දායකත්වය සපයා ඇත. 
     
    සති දෙකක වැනි කෙටි කාලයක් තුළ සිදු කරන ලද මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මුල්‍යමය දායකත්වය ශාන්ත හෙන්රි විදුහලේ එක්සත් රාජධානියේ ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපති පිලිප් ආර්. කොන්ස්ටන්ටයින් මහතා ඇතුළු පිරිසක් විසින් ලබාදී තිබුණි.
     
    දේවස්ථානය විවෘත කිරීමේ උත්සවය සඳහා ජස්ටින් බී. ගුනප්‍රගාසම් පියතුමන්, ශාන්ත හෙන්රි විදුහලේ විදුහල්පති ජේ. ඒ. යේසුදාසන් පියතුමන්, පිලිප් කොන්ස්ටන්ටයින් මහතා, 51 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්. තිරුනාවකරසු, 513 වැනි බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පාසල් සිසුන් සහ දෙමාපියන් මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.
     
    පසුගිය මාසයේ 14 වැනි ගැමුණු හේවා බල ඇණියේ සෙබලුන් විසින් මෙම පාසල සඳහා පැසි පන්දු පිටියක් ද ඉදිකර දීමට කටයුතු කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya