ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පිළිකා වැළැක්වීමේ සහ පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

    අප්‍රේල් 13, 2015
    මෑතකාලීනව ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන රෝගයක් ලෙස පිළිකා රෝගය හඳුනා ගෙන පිළිකා පාලනය කිරීම සහ වැළැක්වීම බෝ නොවන රෝග වැළැක්වීමේ පුළුල් සංකල්පයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සැලැස්ම 2007-2016 මඟින් හඳුනාගෙන ඇත. 
     
    ඒ අනුව, පිළිකා මඟින් රෝගීවීම හේතු කොටගෙන මහජනතාවට ඇති වන ගැහැට අවම කිරීම සඳහා වන සියලු ක්‍රියාමාර්ග ඇතුළත් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගැනීමට නියමිතය.
     
    1985 වසරේ දී පුද්ගලයන් 100,000 කට 37.6ක් වූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 2005 වසර වන විට පුද්ගලයන් 100,000 කට 74.2 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ඉහළ යාමේ නැඹුරුවක් පෙන්නුම් කරයි. 
     
    පියයුරු, මුඛ, ගලනාළය, ගැබ්ගෙල, පෙණහළු, තයිරොයිඩ්, මහා අන්ත්‍රය, අධෝ මාර්ගය, වසා ග්‍රන්ථි හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සහ ලියුකේමියාව ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග 10 වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya