ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බුද්ධිමය දේපළ පනත සංශෝධනය කෙරේ

    අප්‍රේල් 14, 2015
    ශ්‍රී ලංකාවට භූ‍ගෝලීය දර්ශකවල (Geographical Indications of Sri Lanka)ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
     
    ඒ අනුව 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මෙන් ම අදාළ සංශෝධන ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කරනු ඇත.
     
    මෙම පනත සංශෝධනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික නිෂ්පාදන ලෙස පිළිගෙන ඇති ලංකා තේ, පිරිසිදු ලංකා තේ, ශ්‍රී ලංකා තේ, පිරිසිදු ශ්‍රී ලංකා තේ, ලංකා කුරුඳු, පිරිසිදු ලංකා කුරුඳු, ශ්‍රී ලංකා කුරුඳු, පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු ආදියෙහි නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමත් එකී වෙළඳනාම ව්‍යාජ ලෙස යොදා ගැනීම නිසා රටට අත්වන අවාසිදායක තත්ත්වයන් මගහැරවීම සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya