ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කතරගම මහා දේවාල අවුරුදු මංගල්‍ය පෙරහර හෙට

    අප්‍රේල් 13, 2015
    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර හෙට (14) රාත්‍රියේ දී  පැවැත්වේ.
     
    මෙදින රාත්‍රි කතරගම මහා දේවාලයෙන් ආරම්භ වන “දේව පෙරහැර” මහ වීදියේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණීමට නියමිතව ඇති අතර එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර සිරිත් ඉටු කිරීමෙන් පසුව පෙරහර යළිත් එම වීදියෙන් ම මහ දේවාලයට ගෙවැඳීමට නියමිතය.
     
    කතරගම මහා දේවාලයට පෙරහර ගෙවඳීමෙන් අනතුරුව කතරගම මහා දේවාලයේ වර්ෂයකට පමණක් පවත්වනු ලබන “දැකුම්තැබීම” නම් පෞරාණික චාරිත්‍රය සිදු කරනු ලැබේ.
     
    පෞරාණික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් උඩරට, පහතරට රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින් ද, අලි ඇතුන්ගෙන් ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්විමට රුහුණු කතරගම මහා දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ යසසිරි කස්තුරිආරච්චි මහතා කටයුතු සංවිධානය කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya