අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණ අනාවැකිය පවසයි..

පුල්මුඩේ, මාන්තොට, පාලන්පිඩ්ඩි සහ සිරිපුර යන නගර වලට අද (13), දහවල් 12.11ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

















