ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණ සටන ඇරඹුණා

    අප්‍රේල් 14, 2015

    රටේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ අනෙකුත් දුරාචාර නවත්වා මතින් තොර රටක් ගොඩනැඟීමේ ජාතික වැඩසටහනේ ප්‍රචාරණ සැලැස්ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

     

    මෙම ප්‍රචාරණ වැසටහනේ එක් අදියරක් ලෙස පසුගිය සිකුරාදා (10) පස්වරුවේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතයට එරෙහිව මුස්ලිම් හඩ (Drug Haran) නමින් විරෝධතාවක් කොළඹ අවට මුස්ලිම් පල්ලි 400ක මුස්ලිම් ආගමික නියෝජිතයින් 2000ක පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලාංකික ප්‍රජාව අතර මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කරන්නන්ගෙන් සියයට 20ක් මුස්ලිම් ප්‍රජාව ය. මතින් තොර රටක් ගොඩනැඟීමේ ජාතික වැඩසටහන සමඟ මුස්ලිම් ආගමික නායකයන් ද අත්වැල් බැඳ ගෙන සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේය.

     

    මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කරන්නන්ගෙන් සියයට 15ක් පමණ වන කතෝලික ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කොළඹ අගරදගුරු කාදිනල්මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් ද මතින් තොර රටක් ගොඩනැඟීමේ ජාතික වැඩසටහන සමඟ එක් වීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය. එළඹෙන සිකුරාදා (17) කාදිනල්මැල්කම් රංජිත් හිමිපාණන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් රතන හිමියන් වැඩිදුරටත් කීවේය‍

     

    ඒ අනුව මතින් තොර රටක් ගොඩනැඟීමේ ජාතික වැඩසටහනට සමඟාමීව බෞද්ධ, කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික දහම් පාසල් හා ආගමික සිද්ධස්ථානවල ප්‍රධානත්වයෙන් මත්පැන්, දුම් වැටි හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

     

    මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට අන්තර්ජාතික වශයෙන් ද වැඩපිළිවෙලක් සකස් කිරීමට අප රජය ද සම්බන්ධ වී සිටියි. දකුණු ආසියාවේ මුදල් විශුද්ධිකරණය, මානව ජාවාරම හා මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සංවිධානාත්මක හොර ජාවාරම් පිළිබඳව රටවල් අතර තොරතුරු හුවමාරුව සඳහා සන්නිවේදන ව්‍යූක්හයක් සකස් කර ගැනීමටත් රටවල් අතර මේ පිළිබඳව ඇති ගිවිසුම් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමටත් ඖෂධ හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) කටයුතු කරමින් සිටියි.

     

    මේ බව පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි නුවර දී පැවති ඖෂධ හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ (UNODC)සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya