ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොදු සමාව සාර්ථකයි - රපොර්තු කල පිරිස දොළොස් දහසකට ආසන්නයි

    අප්‍රේල් 14, 2015

    නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින කාලසීමාව මාස 06 ඉක්මවන පුද්ගලයන් නීත්‍යාණුකූලව යුද්ධ හමුදා සේවයට කැඳවීමකින් තොරව පරිපාලනමය වශයෙන් නීත්‍යාණුකූලව යුද්ධ හමුදාවෙන් අස්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක පොදුසමා කාලය පසුගිය අප්‍රේල් 02වන දින ආරම්භ විය.

     

    එය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වේ. අප්‍රියල් 12වන දින පස්වරුවවනවිට නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටි සේවයෙන්ඉවත්කිරීමේ කටයුතු වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපොර්තු කර තිබෙන සංඛ්‍යාව 11914ක් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ආරක්‍ෂක අමාත්‍යංශයීය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත.

     

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිගේඩියර් ජයවීරමහතා ප්‍රකාශ කර සිටියේ යුධ හමුදාව වෙතින් අස්කිරිමේ කටයුතු කඩිනමින්සිදුකරන බවත් මේ දක්වා අස්කිරීම් කටයුතු වෙනුවෙන් අදාළ රෙජිමේන්තුමධ්‍යස්ථාන වෙත රපොර්තු නොකරන ලද නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටිනසෙබළුන් හට හැකි ඉක්මනින් සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසය.

     

    මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 16 වැනි දින දක්වාක්‍රියාත්මක වේ.

     

    MOD/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya