ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උත්සව සමයේ විශේෂ ආරක්‍ෂක සැලැස්ම අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මකයි

    අප්‍රේල් 15, 2015

    අලුත් අවුරුදු උත්සව සමයේ විශේෂ ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව පසුගිය අප්‍රේල් 11 වැනි දින සිට එළඹෙන සඳුදා (20) දක්වා පොලිස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.

     

    විශේෂයෙන් අවුරුදු සමය තුළ බහුලව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමටත් මුදල් ඔට්ටුවට තබා සිදුකරන සුදූ අවමකිරීමත් මේ යටතේ සිදුවේ. ලංකාවේ පොලිස්‌ ස්‌ථාන සියල්ලේම නිලධාරීන්ට බීමත් රියැදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රථවාහන පොලිස්‌ මූලස්‌ථානය වෙතින් උපදෙස්‌ ලබා දී ඇත.

     

    ඒ වෙනුවෙන් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි . වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ විශේෂ මෙහෙයුම් මගින් බීමතින් රිය පැදවූ විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් වැඩි පිරිසක් ත්‍රිරෝද රියදුරන් සහ යතුරුපැදි කරුවන් බවයි.

     

    MOD/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya