ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි

    අප්‍රේල් 14, 2015
    weather3අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    කටුනායක සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැක.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
     
    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද (14), දහවල් 12.11ට වෙල්ලමුලිවයික්කාල්, කොකාවිල්, සහ  කුමුලමුලේ යන නගර වලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya