ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පින්නවල එළිමහන් සත්තු වත්ත විවෘත වේ

    අප්‍රේල් 18, 2015
    පින්නවල අලි අනාථාගාරයට සමීපව ඉදිකොට ඇති එළිමහන් සත්වෝද්‍යානය ඊයේ (17) සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත විය.
     
    ඊයේ විවෘත කළ මෙම සත්වෝද්‍යානය මේ මස 30දා දක්වා නොමිලේ නැරඹීමට ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා ඇත.
     
    පින්නවල - අලි අනාථාගාරයට යාබදව අක්කර 44ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානය මෙරට ට ආවේණික සතුන් සඳහා වෙන් කොට ඇත. ඒ අනුව දිවියන්, වළසුන්, මුවන්, කිඹුලන් වැනි සතුන් සඳහා මේ වන වට වෙනම කළාප පිහිටුවා ඇත.
     
    මෙම එළිමහන් සත්වෝද්‍යානය සඳහා රුපියල් මිලියන 862ක් වැය කර ඇති අතර, ඉන් මිලියන 488ක් මහා භාණ්ඩාගාරය මගින් ලබා දී ඇත. 
     
    මැයි මස 01දා සිට පින්නවල එළිමන් සත්වෝද්‍යානය නැරඹීම සඳහා දේශීය සංචාරකයකුගෙන් රුපියල් සියයක් ද, විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් දහසක් ද අය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya