ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තේ දළුවලට රු. 80ක සහතික මිල අද සිට

    අප්‍රේල් 18, 2015

    රජයේ අතුරු අයවැයෙන් යෝජනා කර තිබූ අමු තේ දළු කිලෝ ග්‍රෑමයකට රුපියල් 80ක සහතික මිලක් ලබා දීමේ වැඩපිළිවෙල අද (18) සිට ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

    මෙම වැඩපිළිවෙල අද නිල වශයෙන් මොරවක කළුබෝවිටියාන තේ කම්හල් පරිශ්‍රයේ දී වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙනියාය එක්සත් ජාතික පක්ෂ සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

     

    මෙම සහතික මිල ලබා ගැනීමටනම් සපයන තේ දළුවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් හොඳ ප්‍රමිතියෙන් යුක්තවීම අනිවාර්ය වන බවද වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

     

    අමු තේ දළු කිලෝ ග්‍රෑමයකට රුපියල් 80ක සහතික මිලක් ලබාදීමේ වැඩපිළිවෙල වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට මසකට රුපියල් මිලියන 790ක අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya