ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ගාලු ජනතාවට ජල ව්‍යාපෘතියක්

    අප්‍රේල් 21, 2015
    දීර්ඝ කාලයක් පානීය ජල හිඟයෙන් පීඩාවිඳිමින් සිටි ගාලු දිස්ති‍්‍රක් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 5400.00ක වියදමින් පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
     
    ගිං ගඟ ආශි‍්‍රතව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ආරම්භ කිරීමට යෝජිත මෙම ජල ව්‍යාපෘතිය කඩිනමින් කි‍්‍රයාත්මක කිරීමට අමාත්‍ය රවුෆ් හකීම් මහතා එකඟතාව පළ කරන ලදී.
     
    ගාලු දිස්ති‍්‍රක් ජනතාවගේ ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමඟ පසුගියදා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවේදීය. 
     
    ගාල්ල දිස්ති‍්‍රක්කයේ බහුතර ජනතාගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට තරම් අඛණ්ඩව ජලය සැපයීමට ධාරිතාවක් නොමැති වීම නිසා එම ජනතාව දැඩි සේ පීඩාවට ලක්වී සිටිති. ගාලු නගර සීමාව, අක්මීමන, හබරාදූව, බද්දේගම ආදී ප‍්‍රදේශවල ජනතාවට දෛනික ජල සැපයුම සීමා කිරීමට සිදු ව තිබේ. 
     
    ඊට කඩිනම් විසඳුමක් වශයෙන් ජලාපවහන මණ්ඩලයේ ජල ප‍්‍රවාහන බවුසර් 3ක් ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට ලබාදීමටත් එමඟින් කඩිනම් අවශ්‍යතා අනුව ජනතාවට ජලය සැපයීමටත් එදින කටයුතු පිළියෙළ කෙරිණි.
     
    එම අවස්ථාවට දකුණු පලාත් සභා මන්ති‍්‍ර විජයපාල හෙට්ටිආරච්චි, ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ගාල්ල සම්බන්ධීකරණ ලේකම් හා මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර යසලාල් කලංසූරිය සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහු සහභාගී වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya