ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණය නවීකරණයට පියවර

    අප්‍රේල් 21, 2015

    මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රිඩා සංකිර්ණය ලෙස බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණය රුපියල් මිලියන 265ක වියදමින් නවීකරණයට පියවර ගන්නා බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.

    මෙම ක්‍රිඩා සංකිර්ණය තුළ මිටර් 400 මං තිරුවක්, මිටර් 25 පිහිනුම් තටාකයක් වොලිබෝල්, බැඩ්මින්ටන්, කරාතේ, බාස්කට්බෝල්, ජුඩෝ, බොක්ෂිං, වුෂු, ටයිකොන්ඩෝ, ටේබල් ටෙනිස්, නෙට්බෝල්, කැරම් ක්‍රිඩාවන් කිරීමට අවශ්‍ය පහසුකම් සහිතව මෙම ක්‍රිඩා සංකිර්ණය ඉදිකිරීමට නියමිතය. මේ ක්‍රිඩා සංකිර්ණය ඉදිකිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ මුල්ගල් තැබිමට සුදානම් කර ඇති බවද අලුවිහාරේ මහතා පැවසිය.

     

    මාතලේ දිස්ත්‍රික්කයට විශාල අඩුවක්ව පැවති මෙම ක්‍රිඩා සංකිර්ණය අවස්ථා ගණනාවකදි ක්‍රියාමත්මක කරන බවට පැවසුවත් තමාගේ අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම ඉංජිනේරු කාර්යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ වසර එකහමාරක වැනි කාලයක් තුළදි මෙහි වැඩ අවසන් කරන බවත් ක්‍රිඩා අමාත්‍යංශය යටතේ මෙය ක්‍රියාත්මක වන බවද අලුවිහාරේ මහතා පැවසිය.

     

    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya