′වසන්ත උදාවයි - දහම් අමාවයි - බක් මහ පෙරහැර මංගල්‍යයයි ′ මැයෙන් සංවිධානය කෙරුණු මෙම බක් මහ පෙරහැර පවත්වනු ලබන්නේ 08 වැනි වරටයි. නුවරඑළිය මහනගර සභාව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍රි ලංකාපුර සදහම් අසපුව විහාරස්ථානය එක්ව සංවිධානය කරනු ලබන මෙම බක් මහ පෙරහැර සඳහා ලක්ෂ 20කට ආසන්න මුදලක් යොදවා තිබේ. මේ සඳහා ප්‍රදේශයේ විවිධ පිරිස් සිය මුල්‍ය දායකත්වය ලබා දේ.
උඩරට පහතරට නැටුම් කණ්ඩායම් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා ඉදිරිපත් වන අතර අලි ඇතුන් 10 දෙනෙකු මෙවරත් පෙරහැර වර්ණවත් කරයි. නුවරඑළිය ජනාධිපති මන්දිරය අසලින් පෙරහැර ආරම්භ වන අතර පොලිස් වටරවුම, අනගාරික ධර්මපාල වටරවුම සහ ආර්ථික මධ්‍යස්ථානය අසලින් ගමන් කොට ශ්‍රි ලංකා පුර සදහම් අසපුව විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතය.
මේ වන විට පොලිස් ආරක්ෂාව ඇතුළුව සියළු කටයුතු සූදානම්ව ඇති අතර පෙරහැර කමිටුවේ සභාපතීත්වය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවතින අතර සම සභාපතීත්වය නුවරඑළිය ගරු නගරාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවතී.
MAP/SH_dmu_n'eliya