ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා අද (23) රජයේ නිලපුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් මේ බව පැවසී ය.
දින 100 කෙටි කාලීන අරමුණු ඉලක්ක කර ගත් වැඩපිළිවෙළක්. ජනතාවට සමාජ, ආර්ථික පහසුකම් ලබාදෙමින් කිසියම් ආකාරයක මතවාදී බලපෑමක් දින 100 තුළ ක්‍රියාත්මක වූ බව පිළිගත යුතුයි.
ඇතැම් කාරණා අභියෝගාත්මක වුවත් සාර්ථක වූ සහ යථාර්තයක් වූ කාරණා තිබෙනවා. දින 100 අවසන් වන විට යහපාලනය, දේශපාලන ප්‍රතිසංස්කරණ, වංචා දූෂණ පිළිබඳව කිසියම් දෙයක් කළ හැකි බවට ජනතාව තුළ පෙළඹවීමක් ඇති කර තිබෙන බව ද ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසී ය.

රාජ්‍ය පාලනයේ දී ''යහපාලනය'' සුබවාදී අරමුණු සාක්ෂාත් කරගත හැකි සංකල්පයක් බවට වන ජන මතයක් සමාජය තුළ ගොඩ නැගීමට දින 100 තුළ හැකි වී තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

















