ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ල මොරදන මහා විද්‍යාලයට ක්‍රීඩාපිටියක්

    අප්‍රේල් 27, 2015

    කෑගල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් වසර 103 පැරණි මොරදන මහා විද්‍යාලය සඳහා ක්‍රීඩාපිටියක් ලබා දීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත.

    අක්කර දෙකක වපසරියෙන් යුත් ක්‍රීඩාපිටිය ඉදිකිරීම සඳහා සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 20 මුදලක් වැය කර තිබේ. මෙතෙක් එම පාසලේ දරු දැරියනට ක්‍රීඩා කටයුතු සදහා අවට පාසල්වල ක්‍රීඩාපිටි වෙත යාමට සිදුවිය.

    ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් බාලසූරිය, කනක හේරත් යන මහත්වරු සහභාගි වූහ.

    MAP_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya