ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ල වෙසක් කලාපය මැයි 3 සිට 6 දක්වා

    අප්‍රේල් 27, 2015

    කෑගල්ල වෙසක් කලාපය මෙවරත් මහත් උත්කර්ෂවත් අන්දමින් මැයි මස 3 සිට 6 දක්වා කෑගල්ල නගරය ආශ්‍රිතව අඹන්පිටියේ සිට මීපිටිය දක්වා කොළඹ නුවර මාර්ගයත්, නිදහස් මාවතේ සිට කෑගලු බාලිකා විද්‍යාලය දක්වාත් , නිදහස් මාවතේ සිට පරගම්මන දක්වාත් පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇත.

    වෙසක් තොරණ , භක්ති ගීත, පහන් කූඩු තරග , දන්සැල් ආදී අංග රැසකින් මෙවර වෙසක් කලාපය සැකසී ඇත.

    වෙසක් උළෙලට සමගාමීව පැවැත්වෙන පහන් කූඩු තරඟය, පාසැල් දහම් පාසැල් අංශය ලෙස හා විවෘත අංශය ලෙස අංශ දෙකක් යටතේ පැවැත් වේ. මෙහි පළමු ස්ථානයට රු. 50 000 ක ත්‍යාගයක් ලබා දීමට නියමිතය.

    2015 කෑගල්ල වෙසක් කලාපය පිළිබදව සාකච්ඡාවක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවත්විණ. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හෙම්මාතගම ශ්‍රි සිද්ධාර්ථ නාහිමි, කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි දුනුකේවත්තේ සිරි සීලවිමල නාහිමියන් ද, ඉඹුල්ගල සුමංගල නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය ද, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න , අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබිලිව්. එම් අබේවික්‍රම වනසූරිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්. ඒ. එන් ලක්මාල් , සණස නිර්මාතෘ පී.ඒ කිරිවන්දෙණිය යන මහත්වරුන් ඇතුළු වෙසක් කලාප කමිටුවේ නියෝජිතයන් සහභාගී වූහ.

    MAP/dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya