ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජයග්‍රහණ හිමිවන්නේ සමගියෙන් සිටියහොත් පමණයි - පියසේන ගමගේ

    අප්‍රේල් 28, 2015
    ඉදිරි මැතිවරණයකදීත් ජයග‍්‍රහණය හිමිවන්නේඑකට සමගියෙන් සිටියොත් පමණක් බවත්  පක්ෂය දෙකඩ වුණොත්, වෙන් වුණොත් කවදාවත් ජයග‍්‍රහණය හිමිවන්නේ නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, ශ‍්‍රීලනිප ගාල්ල දිස්ත‍්‍රික් නායක, හිනිදුම ආසන සංවිධායක පියසේන ගමගේ මහතා ගාල්ලේ දී ප‍්‍රකාශ කළේය. 
     
    ශ‍්‍රීලනිප ගාල්ල දිස්ත‍්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය. සමුළුව ගාල්ල හෝල් ඩි ගෝල් උත්සව ශාලාවේ දී පැවැත්වුණි.
     
    "අද ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට සුවිශේෂී දවසක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගු කාලීන ලේකම්තුමා, අද රටේ ජනාධිපතිවරයා ලෙසත්, අපේ පක්ෂයේ සභාපතිවරයා ලෙසත් රටත්, පක්ෂයත් දෙකම භාරගෙන තිබෙනවා. පක්ෂයේ ඉදිරි ජයග‍්‍රහණය වෙනුවෙන් රට පුරා පවත්වන දිස්ත‍්‍රික් රැස්වීම් මාලාවේ ගාල්ල දිස්ත‍්‍රික් රැස්වීමයි, අද දවසේ පැවැත්වෙන්නේ. පක්ෂයේ නායකයා ලෙස ගාල්ලට පැමිණි ගරු ජනාධිපතිතුමාට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප සියළුදෙනාගේ ගෞරවයත්, කෘතවේදීත්වයත් පිරිනමනවා".
     
    "අපේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද සුවිශේෂී ජයග‍්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. මේ වන විට ප‍්‍රාදේශීය සභා සියල්ල ම වගේ අපේ පාලන යටතේයි, පවතින්නේ. පළාත් සභා බහුතරයක බලය අපට තිබෙනවා. පාර්ලිමේන්තුවෙත් බහුතරය තිබෙන්නේ අපේ පක්ෂයට. රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි වසර 6ක කාලය තුළ මෙරටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමයි. එතුමා අපේ පක්ෂයේ නායකයා වීම අපට විශාල ධෛර්යයක්. පසුගිය කාලයේ අපේ පක්ෂයේ භේද ඇති වුණ අවස්ථා, පක්ෂය කැඩී ගිය අවස්ථා හොඳට මතක තිබෙනවා. පක්ෂය වැටුණ අවස්ථාවල අපි විඳපු දුක්, ගොඩඑන්න තිබුණු අමාරුව අපේ පාක්ෂියන් අත්විඳපු වේදනාවන් අපට හොඳට මතකයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රීලනිප ජයග‍්‍රහණය කරවන්න එතුමා විශාල කැපවීමකින් කටයුතු කරනවා. මේ වන විට ඒ සඳහා වූ වැඩපිළිවෙළක් පක්ෂය සකස් කර තිබෙනවා. එහි එක් අවස්ථාවකුයි අද දවසේ ක‍්‍රියාත්මක වෙන්නේ". 
     
    "හැමදාම ශ‍්‍රීලනිප ජයග‍්‍රහණයන් ආරම්භ වෙන්නේ දකුණෙන්. 1994 ජනතා ජයග‍්‍රහණයට මූලාරම්භය සැපයූවේ අමරසිරි දොඩන්ගොඩ මැතිතුමාගේ නායකත්වයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයයි. එදා ඒ සඳහා දිස්ත‍්‍රික්කයට ආලෝකයක් ශක්තියත් වුණේ, රිචඩ් පතිරණ මැතිතුමයි. එදා ආරම්භ කළ ගමනයි, අදත් අපි යන්නේ. ඉදිරි මැතිවරණයකදී අපිට ජයග‍්‍රහණය හිමිවන්නේ අපි එකට සමගියෙන් සිටියොත් පමණයි. අපේ පක්ෂය දෙකඩ වුණොත්, වෙන් වුණොත් කවදාවත් අපට ජයග‍්‍රහණය හිමිවෙනන්නේ නැහැ. අවුරුදු 17 ක් අපි බැට කාපුවලට නැවත වැටෙන්න වුවමණාවක් නැහැ". 
     
    පසුගිය ජනාධිපතිවරණයෙන් පුද්ගලයා වෙනස් වුනත් අපේ පක්ෂයේ නායකයා ජනාධිපති තනතුරට පත් වීමත් සමග පක්ෂයට පෙර තිබූ ශක්තියම නැවත ලැබී තිබෙන බවත් ඒ ශත්තිය තුළින් නැවතත් පූර්ණ බලය එක්සත් ජනතා සන්ධානයට හිමි රජයක් පිහිටුවන්න ඉදිරියේ දී කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya