ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක මාර්ග ආරක්ෂණ සතියට මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩසටහනක්

    අප්‍රේල් 29, 2015

    එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් තුන්වැනි වතාටවත් සංවිධානය කරනු ලබන ලෝක මාර්ග ආරක්ෂණ සතිය නිමිත්තෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව දිවයින පුරා වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ. ඒ අනුව මෙවර එය සැමරීම සඳහා මෙම වසරේ මැයි මස 04 වැනි දින සිට 10 දින දක්වා කාලය “ලෝක ළමා මාර්ග ආරක්ෂණ සතිය“ ලෙස නම් කර ප්‍රකාශයට පත් කර තිබේ.

     

    මෙම වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික්කයේ වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යංශය සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සංවිධානය කොට තිබේ. ඒ අනුව මෙම වැඩසහනේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන මැයි මස 07 වැනි දින පෙ.ව.8.30 සිට මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

     

    මාර්ග අනතුරු හේතුවෙන් දිනකට ලෝකයේ ළමුන් 500 දෙනෙක් මිය යන  අතර, ලංකාවේද එක් ළමයෙක් මාර්ග අනතුරු හේතුවෙන් දිනකට මිය යන බව සංඛ්‍යා ලේඛන වලින් පෙන්වාදී තිබේ. මාර්ග අනතුරු වලට ළමුන් ගොදුරුවීම අවම කර ගැනීමේ අරමුණින්  දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම සතිය තුළ දිවයින පුරා පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya