ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සෑම ප්‍රධාන නගරයකින්ම රාත්‍රී බස් සේවා ඇරඹීමට කටයුතු සැලසුම් කෙරේ

    මැයි 06, 2015

    ගාල්ල, කුරුණෑගල, නුවර, අනුරාධපුරය හා යාපනය ඇතුළු සෑම ප්‍රධාන නගරයකින්ම රාත්‍රී බස් සේවා ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

     

    දින 100 වැඩපිළිවෙල යටතේ දැනට ගමනාන්ත 30ක් වෙත දිනපතා කොළඹින් රාත්‍රී 10.00ට බස් රථ ආරම්භ කෙරෙන බවත් ඒ මහතා පැවසීය.

     

    විවිධ පළාත්වල සිට අනුරාධපුර අටමස්ථාන වැඳපුදා ගැනීමට දුම්රියෙන් සහ බස්‌ රියෙන් පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ගේ පහසුව සඳහා අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්‌ථානයේ සහ පැරණි බස්‌ නැවතුම්පළේ සිට සහන ගාස්‌තු මත ගමන් ආරම්භ කරන ලංගම බස්‌ සේවාව ද සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    කිලෝ මීටර් 22.3 ක්‌ පුරා විහිදී පවතින වටවන්දනා මාර්ගය ඔස්‌සේ ධාවන කෙරෙන මෙම බස්‌ රථයකින් ගමන් කරන සෑම මගියෙකුගෙන්ම මුළු ගමනාන්තය වෙනුවෙන්ම අය කරනු ලබන ගාස්‌තුව රුපියල් හැත්තෑවකි.

     

    සෑම විනාඩි හතළිස්‌ පහකට වරක්‌ම මාරුවෙන් මාරුවට බස්‌ රථ දෙකක්‌ ධාවනය කෙරෙන අතර මෙම බස්‌ සේවාව දිනපතා පෙරවරු 6.00 සිට සවස 5.00 දක්‌වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්‌ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya