ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වනජීවි නියාමක නිලධාරී 201කට පත්වීම් පිරිනැමේ

    මැයි 06, 2015
    වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සම්පූර්ණ කරමින් නියාමක තනතුරු 201ක් සදහා  ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පත්වීම් ලිපි පිරිනැමීම සිදු කෙරිණි.
     
    විභාග දෙපාර්තමේන්තුව මගින් 2014 වසරේ දී පවත්වන ලද විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් ලැබූවන් මෙසේ පත්වීම් ලැබූ අතර විවෘත තරග විභාගයකින් වනජීවි නියාමකවරියන් බඳවා ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව කාන්තාවන් 06දෙනෙකු ද අද දින නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබාගත්තේය.
     
    මෙම නිලධාරීන් වනජීවි සංරක්ෂණය, වනජීවි නීති ක්‍රියාත්මක කිරීම, ජෛව විවිධත්වය, පරිසර විද්‍යාව, අධිකරණ කටයුතු, ගිනිඅවි පුහුණුව ආදිය පිළිබඳ මාස 06ක පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව ස්ථීර සේවයට බඳවා ගනු ඇත. මෙම පුහුණු කටයුතු ගිරිතලේ ජාතික වනජීවි පුහුණු මුල්කරගනිමින් පැවැත්වෙන අතරම හෝර්ටන් තැන්න, විල්පත්තුව, යාල, උඩවලව, ලුණුගම්වෙහෙර සහ වස්ගමුව යන ජාතික උද්‍යානවලදී පැවැත්වේ. 
     
    මෙම බඳවාගැනීමත් සමඟ දෙපාර්තමේන්තුවේ වනජීවි නියාමක තනතුරු සංඛ්‍යාව 600ක් දක්වා ඉහළ නැංවේ.
     
    මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා සංචාරක අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම්. රාෆික්, අතිරේක ලේකම් සමන් ප්‍රනාන්දු, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහත්වරු ඇතුළු අමාත්‍යංශයේ සහ සෙසු ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya