ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ උකුවෙල යෞවන සමාජයන්ට ක්‍රිඩා භාණ්ඩ බෙදා දෙයි

    මැයි 07, 2015

    රටේ තරුණ පරපුරේ අනාගතය ගැන සිතා කටයුතු කිරිම වැදගත් බවත් රටේ සංවර්ධනය සදහා තරුණ තරුණියන්ගේ දායකත්වය වැඩි වැඩියෙන් ලබා ගැනිම වත්මන් රජයේ අරමුණ බවත් මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාතලේ උකුවෙල පැවති යෞවන සමාජ සදහා ක්‍රිඩා භාණ්ඩ බෙදා දිමේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

    අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙසේද පැවසිය.

     

    අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙම යෞවන සමාජ සදහා ක්‍රිඩා භාණ්ඩ ලබා දිම සිදු කෙරෙනවා. මෑත ඉතිහාසයේ මෙවැනි වැඩපිළිවෙලක්
    ක්‍රියාත්මක කළේ නැහැ. පසුගිය රජය කාලයේ මේ තරුණ සේවා සභාව යොදා ගත්තේ විවිධ ඒක පුද්ගල චරිත පිළිඹිඹූ කරන්නයි. අද ගමේ නගරයේ භේදයකින් තොරව තරුණ තරුණියන්ට ඉදිරියට එන්න හැකියාව ලැබිලා තියනවා. මේ ගැන අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

     

    දින 100 වැඩසටහන ඔස්සේ තරුණ තරුණියන් හට වයි ෆයි අපි නොමිලේ ලබා දුන්නා. කෙටි කාලිනව හා දිර්ඝකාලිනව වැඩපිළිවෙලක් අපි ඒ සදහා සකස් කර තියෙනවා. වත්මනය තුළ රැකියාවක් සිදු කිරිමට හැකි පරිදි තරුණයන් ගොඩනැගිම අපේ අරමුණයි. අද වන විට දේශීය වගේම විදේශීය රටවලින් රැකියා ඉල්ලුමක් තිබුණත් නිසි පුහුණවක් නොමැති කමින් එය මගහැරෙන අවස්ථා විශාල වශයෙන් තියනවා. එම රැකියාවන්ට සරිලන පරිදි පුහුණුවල ලබා දිම අපේ රජයේ අරමුණක් වනවා. දේශපාලන පක්ෂ විසින් විවිධ මැතිවරණ කාලවලදි තරුණයන්ගෙන් වැඩ ගෙන ඔවුන් අතරමං කිරිමක් සිදු වෙනවා. ඉදිරියේදි එසේ වන්නේ නැහැ.

     

    යොවුන් පාර්ලිමේන්තුව සදහා අපි මෙවර අයවැයෙන් රුපියල් මිලියන 250ක් වෙන් කර තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ යෞවන සමාජවල ක්‍රිඩා භාණ්ඩලව අඩුවක් පවතිනවා. නමුත් මේ තුළින් ඒ තත්ත්වය මගහැරි යනවා. මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රිඩා සංකිර්ණය ලෙස බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණය නවිකරණය කිරිමට පියවරගෙන තියනවා. විවිධ ක්‍රිඩාවන් රැසකට එය භාවිතා කළ හැකියි. ඒ තුළින් මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රිඩා කෞෂල්‍යන්ගෙන් පිරි අනාගතයට ගැලපෙන තරුණ ප්‍රජාවක් බිහි කිරිම අපේ අරමුණ බවද අමත්‍යවරයා පැවසිය.

     

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඒ.එච්.එම් ඉබ්‍රාහිම්, මාතලේ මහ නගර සභාවේ විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ, මාතලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ගාමිණි කොස්තා, තරුණ සේවා සභාවේ මාතලේ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එල්.කේ රත්නායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya