ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දු ලංකා ආර්ථික සංවාදය 2015 හෙට කොළඹ දී

    මැයි 07, 2015

    ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සංවාදය 2015, 09වැනි වරටත් පවත්වනු ලබන 2015 ඉන්දීය වෙළෙඳ ප්‍රදර්ශනය (ITF 2015) අතරතුර දි හෙට (08) පෙරවරු 10.30ට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (SLECC) පැවැත්වීමට නියමිතය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රථම භාරතීය නිල සංචාරයත් සමඟ නව මුහුණවරකින් වර්ධනය වන දෙරට සබදතා වඩාත් ශක්තිමත් හා යාවත්කාලීන කිරීම සදහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත සම්මේලනය මගින් ” ඉන්දු ලංකා ආර්ථික සංවාදය ” වැඩසටහන් මාලාව ආරම්හ කරන ලදී .

     

    මෙහි අරමුණ වන්නේ දෙරට අතර ඇතිවී තිබෙන ගිවිසුම් මත ද්වීපාර්ශීය ආර්ථික සබදතා ශක්තිමත් කරමින් මෙරට ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන බාධක සමනය කරමින් ද්වීපාර්ශවීය වෙළඳ සබදතා ශක්තිමත් කිරීමයි .

     

    ඉන්දියාව සමග  වෙළඳ සබදතා පවත්වාගෙන යන  හා එවැනි ව්‍යාපාරික වෙළඳ කටයුතු ආරම්භ කිරීම සදහා සැලසුම් කරන ව්‍යාපාරිකයින් මුහුණ දෙන හා මුහුණදිය හැකි ගැටලු අවම කරමින් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාහැකි පසුබිමක් ඇතිකිරීමයි .

     

    කලාපීය වශයෙන් ” නිර්බාධා වෙළඳ සංස්කෘතියක් ” ඇතිකිරීමේ මුලික පසුබිම වශයෙන් අඛණ්ඩව මෙම වැඩසටහන පළාත් මට්ටමෙන් සුළු හා මධ්‍යම පරිමාණයෙන් ව්‍යවසායකයන් ඉලක්ක කර සැලසුම් කර ඇත .

     

    සංවාදයේ දී දෙරටේ ව්‍යාපාර ප්‍රජාවන් අතර සාකච්ඡා සහ සංසද එළිදැක්වෙන අතර සියලු දේශීය හා විදේශ ව්‍යාපාරවලට නව ව්‍යාපාර සබඳතා පිහිටුවීම සඳහා ද මේ බිම විවෘත වනු ඇත.

     

    ගෝලීය වශයෙන් ඇතිවන වන ආර්ථික ප්‍රවර්ධන නව්‍යතා පාදක කරගනිමින් ඉන්දු ලංකා ද්වීපාර්ශීය වෙළද සබදතා යහපත් මට්ටමින් පවත්වාගෙන  යාම සදහා පවතින බාධාවන් පිලිබදව අවබෝධයක් ලබාදීම  හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙත විදේශීය වෙළද පොළ හදුන්වාදීම වැනි කාරණා කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya