ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉදිකරන ශිෂ්‍ය නේවාසිකාගාරය ලබන 09 සිසු අයිතියට

    මැයි 07, 2015
    අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද ශිෂ්‍ය නේවාසිකාගාරය ලබන 09 දින සිසු අයිතියට පත්කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.
     
    මහින්ද රාජපක්ෂ රජය කාලේ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍ය නේවාසිකාගාර 60ක් ඉදිකරන්න සැලසුම් කර තිබූ අතර ඉන් නේවාසිකාගාර 30ක් මේ වන විට ඉදිකර අවසන් බවත් පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය සිසු අයිතියට පත් කළ බවත් ඇය පැවසුවාය.
     
    මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000.00 දක්වා වැඩි කර ජූනි මස සිට ලබා දෙනවා. ගර්භනී මව්වරුන් සඳහා රුපියල් 20,000.00ක මුදලක් ලබා දෙන්න ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තියෙනවා. දරුවන්ගේ කායික මානසික වර්ධනය මුල් ළමාවිය සංවර්ධනය සඳහා ඉතා අවශ්‍යයි. ඒ සඳහා මසකට රුපියල් 2000.00 බැගින් මාස 10ක් වියළි ආහාර මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ රටේ අඩු බර දරු උපත් ප්‍රමාණය නැති කර මව්කිරි ලබා දෙන මවට පෝෂණය ලබා දෙන්න මෙයින් අදහස් කරනවා. මේ පෝෂණ මල්ල සමූපකාර සමිති හරහා ලබා දීම මඟින් එහි ප්‍රතිලාභ රටට ලබා ගන්න අවස්ථාවක් ලැබෙන බව ද අමාත්‍යවරය පෙන්වා දුන්නාය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya