ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අපනයන කෘෂි භෝග වගාවන් දිරිගන්වයි

    මැයි 07, 2015

    ශ්‍රී ලංකාවේ බහුවාර්ෂික අපනයන කෘෂි භෝගයන්හි තත්ත්වය හා ගුණාත්මක භාවය වැඩිදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් කෘෂි භෝග වගා දිරිගැන්වීමේ වැඩසටහනක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එන්.එල්.පී රූපසිංහ මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

    ඒ අනුව බහුවාර්ෂික අපනයන කෘෂි භෝග වන එනසාල්, කුරුඳු, ගම්මිරිස්, කරාඹුනැටි, සාදික්කා, කෝපි, කොකෝ, වැනිලා, බුලත්, පැඟිරි, සේර, කිතුල් හා පුවක් යන භෝග වගාකරුවන් උදෙසා මෙම වගා ප්‍රවර්ධන දිරිගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. තවද ඉඟුරු හා කහ යන වාර්ෂික භොගද මෙයට ඇතුලත් වේ.

     

    මෙම වගාවන් මහනුවර, මාතලේ, නුවරඑළිය, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, බදුල්ල සහ අම්පාර යන දිස්ත්‍රිකයන්හි සිදු කෙරේ.

     

    මෙම දිරිගැන්වීමේ වැඩසටහන මගින් අපනයන නිෂ්පාදනය නංවාලීම, ඵලදායිත්වය හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය නංවාලීම, භූමි ඵලදායිත්වය නංවාලීම, පසු අස්වනු තාක්ෂණික වැඩසටහන් හා ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමේ ක්‍රියාකාරකම්, සහතික කරන ලද බීජ හා පැල වර්ග බෙදා දීම, මුල්‍ය දිරිගැන්වීම් සිදු කිරීම, වගාවන් සඳහා විද්‍යාත්මක උපදෙස් ලබා දීම ආදිය සිදු කෙරෙනු ඇත. මෙම කාර්යයන් ව්‍යාපෘති කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය හා උපදෙස් යටතේ සිදු කෙරේ.

     

    මේ පිළිබඳව වැඩි විස්තර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති කාර්යාල, දිස්ත්‍රික් අපනයන කෘෂිකර්ම කාර්යාල, අපනයන කෘෂිකර්ම පර්යේෂණ කාර්යාල හා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක.

     

    එසේම 081-2388651 යන දුරකතනයට කතා කිරීමෙන් අවශ්‍ය තොරතුරු වැඩිදුරටත් ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya