ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යහපාලන රජයේ පළමු වසර තුළ නිවාස 50,000ක්

    මැයි 07, 2015
    වසරක් තුළ නිවාස 50,000ක් ඉදිකරන බවට වත්මන් රජය විසින් මැතිවරණ වේදිකාවේ දී සඳහන් නොකළ බවත් රජය විසින් ම ඇතිකරගත් ඉලක්කයට අනුව යහපාලන රජයේ පළමු වසර තුළ නිවාස 50,000ක් තැනීමක් ආරම්භ කොට සම්පූර්ණ කිරීමට තීරණය කළ බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින ගාල්ල නගර ශාලාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මෙම උත්සවය දින 100 වැඩසටහන යටතේ ක්‍රියාත්මක නිවාස 50,000 වැඩපිළිවෙළින් තෝරාගත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් 100,000බැගින් වූ ණය මුදල් පිරිනැමීම වෙනුවෙන් පැවැත්විණි. මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 10ක පවුල් 1083කට රුපියල් 100,000 බැගින් සහන පොලී නිවාස ණය පිරිනැමිණි.
     
    සැමට සෙවණ වැඩපිළිවෙළ යටතේ රුපියල් 100,000ක් ලබාදෙමින් බලාපොරොත්තු වන්නේත් නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට බවත් ඒ අනුව නිවසේ අඩිතාලම දමා අවසන් වූ වහාම රුපියල් 20,000කුත්, වහළය නිම කළ පසු තවත් 30,000කුත් නිවස සම්පූර්ණ කළ පසු තවත් රුපියල් 30,000කුත් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ප්‍රතිලාභියා සිය ඉලක්ක සම්පූර්ණ කරන ආකාරය අනුව පියවරෙන් පියවර ඔහුගේ ණය මුදලේ අදාළ කොටස් ඔවුන් වෙත නිදහස් කිරීම සිදු කෙරේ. එතැනින් නතර නොවී ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදීමේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියත්, අදාළ දිස්ත්‍රික්කවල දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය පරිපාලන නිලධාරීනුත් වැලි සහ වෙනත් අමුද්‍රව්‍ය සපයාගැනීම සඳහා සියලු පහසුකම් ප්‍රතිලාභීන් වෙත ලබාදීම සිදු කෙරේ. 
     
    මෙවැනි වැඩපිළිවෙළට ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන යනුවෙන් හඳුන්වන බවත් මෙහිදී රජය පහසුකම් සපයන්නෙකු හැටියට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    සංඛ්‍යා ලේඛනවලට අනුව ගාලු දිස්ත්‍රික්කයේ පවුල් 15,000කට අධික ප්‍රමාණයක් ජීවත් වන්නේ තාවකාලික නිවාසවලය. එමෙන් ම අඩක් නිමකළ නිවාස ගණන 28,000කි. 
     
    ඒ අනුව ගෘහ මූලික පවුල් ඒකක 43,000ක නිවාස ප්‍රශ්නය ඉක්මනින් නිම කරන්නට වත්මන් රජය ඉතා ඉක්මනින් කටයුතු කරන බවත් කී අමාත්‍යවරයා යහපාලන රජය යටතේ මෙම දිස්ත්‍රික්කයේ තාවකාලික නිවාසවල වෙසෙන පවුල් 15,000ක මෙන් ම අඩක් නිම කළ නිවාසවල වෙසෙන පවුල් 28,000ක නිවාස ප්‍රශ්නය ඉක්මනින් විසඳන බව පැහැදිලිව කිව හැකි යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya