ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දෙමළ භාෂා පාඨමාලාව හැදෑරූ ආරක්ෂක සේනා මූලස්ථානයන් හි පාඨමාලාලාභීන් සඳහා සහතිකපත්‍ර බෙදාදෙයි

    මැයි 12, 2015
    දෙමළ භාෂා පාඨමාලාව හැදෑරූ ආරක්ෂක සේනා මූලස්ථානයන් හි යුද හමුදා සාමාජිකයන් 320 දෙනෙකු සඳහා සහතිකපත්‍ර ප්‍රදානය  පසුගියදා යාපනය  ආරක්ෂක සේනා මූලස්ථාන පලාලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මෙම පාඨමාලාව සඳහා යාපනය, වන්නි, කිලිනොච්චි සහ  මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන නියෝජනය කරමින්  නිලධාරීන් 80 දෙනෙකු සහ සෙසු නිලයන් සහභාගි වූ අතර ජාතික භාෂා  අධ්‍යාපන හා පුහුණු  ආයතනයේ භාෂා ගුරුවරුන් විසින් පැවත්වූ එම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාගේ අධීක්ෂණයෙන් සංවිධානය කරනු ලැබීය.
     
    එම සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරු සහභාගී වූහ.
     
    එම අවස්ථාවේදී පාඨමාලාලාභී නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ප්‍රසංගයක් ද ඉදිරිපත් කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේ සභාපති පාලිත හේවාමුදලි,  මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල්  ජගත් ඩයස් යන මහත්වරු ද සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya