ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තරුණ ජවය සමඟ ‍ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙරට

    මැයි 12, 2015
    රාජ්‍ය සේවය වඩා කඩිනම් ප්‍ර‍සස්ත මට්ටමක ගෙන ඒමේ අරමුණින් ගොවිජන සංවර්ධන නිලධාරීන් 42 දෙදෙනෙකු  සඳහා පසුගියදා අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේදී පත්වීම් ප්‍ර‍දානය කෙරිණි.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ගමණය උදෙසා පැවැති නිලධාරී හිඟයට පිළියමක් ලෙස නව නිලධාරීන් පත්කර ගැනීමට හැකි වීම මඟින් වඩා යහපත් මහජන සේවයක් ලබා දිය හැකි බව සඳහන් කළේය.
     
    තරුණ උගත් නිලධාරීන් පිරිසක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සම්බන්ධවීම දෙපාර්තමේන්තුව ලද ජයග්‍ර‍හණයක් ලෙස මෙහිදී ප්‍ර‍කාශ කළේය. අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේ තමන්ට ලැබී ඇති නීති රෙගුලාසිවලට අනුව කටයුතු කිරීමට නොපැලිකිව නොබියව ක්‍රියාකරන ලෙසයි. මෙහිදී තමන්ට පැවරි ඇති රාජකාරී ඉටුකිරීම සඳහා ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලැබෙනතුරු ලබා නොසිට තමන් වෙත එන සේවය ලබාගැනීමට යම් අයෙකුට තමන්ට කළ හැකි උපරිමයෙන්ම තමන්ට පැවරී ඇති රාජකාරි වපසරිය තුළ කළ හැකි දේ කිරීමට වගබලා ගතයුතු බවත් පැවසීය. 
     
    ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළින් ගොවි ජනතාවට ලැබෙන සේවය විධිමත්ව කඩිනමින් කිරීම සඳහා ඉදිරියේදී වෙනස්කම් කිරීමට බලාපොරොත්තුවන බවත් ප්‍රදේශයක් නියෝජනය කරන වැඩි ම නිලධාරීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින බැවින් මෙම රට කෘෂිකාර්මික ආර්ථිකයක් සකස් කිරීමට තම වගකීමක් බවත් ඉදිරියේදී ඵම කාර්යයන් ඉටුකිරීමට කඩිනම් පියවර ගැනීමට කටයුතු සූදානම් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya