ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මැදිරිගිරිය හා ලංකාපුර ප‍්‍රාදේශීය සභාවලට නව සභාපතිවරුන්

    මැයි 12, 2015
    මැදිරිගිරිය හා ලංකාපුර ප‍්‍රාදේශීය සභාවල නව සභාපතිවරුන් වශයෙන් පද්මසිරි හේමචන්‍ද්‍ර හා බන්දුල සුරවීර යන මහත්වරු ඊයේ (11) උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
     
    මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාවේදී සිදුවු මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ප‍්‍රාදේශීය සභා දෙකේ ලේකම්වරුන් ඇතුළු මන්ත‍්‍රීවරු සහ ප‍්‍රදේශවාසීහු පිරිසක්  ද සහභාගී වූහ. එදින දිවුරුම් දුන් සභාපතිවරුන්ට සුභාශිංසනය පළ කළ ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රදේශයේ සංවර්ධනයට මුල්තැන දෙමින් සිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවල දියුණුවට කටයුතු කරන ලෙසත් ඒ සඳහා උතුරු මැද පළාත් සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පැවසීය.
     
    මෙම ප‍්‍රාදේශීය සභා දෙකෙහි හිටපු සභාපතිවරුන්ගේ විනය විරෝධී ක‍්‍රියා හේතුවෙන් පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා සතු බලතල අනුව තනතුරුවලින් ඉවත් කරනු ලැබීය
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya